25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් කෝටි තුනකට ආසන්න අයිස් ගෙන යමින් සිටිද්දි එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් ගෙන යමින් සිටිද්දි එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය මෝටර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙකු වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) උදෑසන, රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04, ග්‍රෑම් 329 ක් ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහණය කරමින් සිටි වයස අවුරුදු 35 ක මන්නාරම, චාවකට්ටු ප්‍රදේශයේ පදිංච් පුද්ගලයකු වත්තල, හැඳල, ඇලකන්ද පාරේ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී (10) වාකරේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුරට විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදි හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. කතරගම කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් තුනකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාමය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් දුරකතන බැටරි දෙකක් ගුද මාර්ගයේ සඟවාගෙන බන්ධනාගාරය තුලට රැගෙනයෑමට උුත්සහ කළ රැඳවියකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාජකාරි භාර ජේලර් වෙත භාරදි තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments