22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsනිමි ඇඳුම් කර්මාන්තයේ හා බෑග් මසන ආකාරයේ යෙදෙන බව හඟවමින් හෙරොයින් ජවාරමේ...

නිමි ඇඳුම් කර්මාන්තයේ හා බෑග් මසන ආකාරයේ යෙදෙන බව හඟවමින් හෙරොයින් ජවාරමේ යෙදුණු කාන්තාවක් හා තරුණයෙක් පොලිස් අත්අඩංගුවට.

නිමි ඇඳුම් කර්මාන්තයේ හා බෑග් මසන ආකාරයේ යෙදෙන බව හඟවමින් මෙම හෙරොයන් ජවාරාමේ යෙදි සිටින කාන්තාවක් හා ඇයගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුව (11) ගෙන ඇත

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර එහිදි හෙරොයින් කිලෝග්‍රෑම් 38යි ග්‍රෑම් 360ක්.සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය එම නගරයේ දෙවන පටුමගේ ටෙලිකොම් එක ආසන්නයේ තනිමහල් නිවසක සඟවාගෙන තිබෙද්දි අත් අඩංගුවට ගෙන ඇත.

ඇසුම්රුම් තිස්හයක මත්ද්‍රව්‍ය අසුරා තිබි ඇත. එම අවස්ථාවේදි වයස අවුරුදු හතළිස් හයක කාන්තාවක් හා වයස අවුරුදු විසි දෙකක ඇයගේ පුත්‍රයා නිවසේ සිට ඇත. එම දෙදෙනාම මෙම ජාවාරමේ යෙදි සිටින බව කරුණු අනාවරණයවි තිබේ. මෙම මත්ද්‍රව්‍ය සමග ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාවගේ ඥාති සහෝදරයෙකුත් මීට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇත.විදේශයක සිට අයකු මෙම හෙරොයින් ජාවාරම මෙහෙයයීම මත මෙම කාන්තාවක මත්ද්‍රව්‍ය ජවාරම කරන බවට විමර්ශන වලදි පෙනි ගොස් තිබේ. එහිදි මත්ද්‍රව්‍ය කිරීම සඳහා යොදාගන්නා ඩිජිටල් තරාදියක්ද සොයාගෙන ඇත.
ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ යටතේ ඉදිරි පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments