ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනපති වරයෙකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති ආගමන විගමන, රේගු සහ අනෙකුත් සියලුම නීතිවලට යටත්ව, ජනාධිපති සහ එම මැතිනිය සමග ආරක්ෂකයන් දෙදෙනෙකු හට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ ගුවන් යානයක් (13) අලුයම ලබා දෙන ලදි.