28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ජනාධිපති ගුවන් හමුදාධිපතිට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ...

ජනාධිපති ගුවන් හමුදාධිපතිට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසත්‍ය තොරතුරු ඇතුළත් හඬපටයක් සම්බන්ධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

ජනාධිපතිට ගුවන් හමුදාධිපතිට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසත්‍ය තොරතුරු ඇතුළත් හඩපටය සම්බන්ධවයි

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට ශ‍්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති යැයි කියා ගන්නා හිටපු පොලිස් නිලධාරීවරයෙකු වූ අජිත් ධර්මපාල විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඩපටයෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති අතර මෙය ගුවන් හමුදාව සහ ගුවන් හමුදාධිපති තුමාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත් ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුළ වෛරය හා ක්‍රෝධය පැතිරවී‍මේ පටු අවස්ථාවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් පළකරන ලද ප‍්‍රවෘතියක් බවත් ප‍්‍රකාශ කර සිටිමි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments