23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsගිණි අවි, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අතුළු තවත් ජාවාරමුන් එස්.‌ටී.එෆ්. අත්අඩංගුවට.

ගිණි අවි, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අතුළු තවත් ජාවාරමුන් එස්.‌ටී.එෆ්. අත්අඩංගුවට.

රිවොල්වර වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි රත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ විශේෂ රාජකාරි වාර්ථා කර සිටින විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එස්.කේ. කග්ගොඩආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) රත්ගම පොලිස් වසමේ අංක 123 ඒ1, පාසල පාර, ඉඹුලගොඩ, රත්ගම ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.මොහු කුමන අරමුණුකින් මෙසෙ ගිනි අවියක් ලබ තබාගෙන සිටියේදැයි පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන කටයුතු සිදුකර මන් සිටි .වැඩිදුර විමර්ශන කටයුතු සැකකරු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාරය් බලකාය සිය දෛනික වැටලීම්වලදී (17) සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය 1හි නිලධාරින් කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නිමල් වත්ත, ග්‍රෑන්ඩ්පාස් (මැල්වත්ත) ස්ථානයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.බුද්ධි කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් (10) මෝදර පොලිස් බල ප්‍රදේශයේ කිඹුල ඇල මහවත්ත යන ස්ථානයේ දි සිදුවු වෙඩි තැබීමට අදාලව සැකකරුවන් ප්‍රවාහනය සඳහා යොදාගන්න ලද ත්‍රීරෝද රථය සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට.විශේෂ මෙහෙයුම් 11හි නිලධාරීන් පිරිසක් රත්ගම පාසල පාර, ඉඹුලගොඩ, රත්ගම ලිපිනය පිහිටි නිවසේදී බලපත්‍ර නොමැති නීති විරෝධි ගිනිඅවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරීන් පිරිසක් කහවත්ත පොලිස් වසමේ දී වැටලීම් තුනක් සිදුකර ඇති අතර කේරළ ගංජා ළඟ තබා සිටි පුද්ගලයින් දෙදනකු හා නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙනි සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments