22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsකේරළ ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

කේරළ ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) මීගහවත්ත පොලිස් වසමේ අංක 20/15, රන්වල, දෙල්ගොඩ ලිපිනයේ නිවස පිටුපස දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 550 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 43 ක වයැසැති වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments