21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසීය.

නව ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනා එකට එක්වන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද ඉල්ලීමක් කළේ ය. 

 රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම සිදු කළේ, නව ජනාධිපතිවරයා  ලෙස තේරී පත්වීමෙන් පසු අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.  

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, බෙඳී සිටි අවස්ථාව අවසන් බවත් සියලු දෙනා හා එකට එක්ව සාකච්ඡා කර කටයුතු කිරීමට තමන්  සූදානම් බවත් ය. 

”දැන් අපි බෙදුණු අවස්ථාව ඉවරයි.  පැය 48ක් තිබුණා බෙදෙන්න.. අපි බෙදුණා. දැන් මං ඉල්ලනවා සියලු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න. හෙට ඉදන් මං කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න ”

තමන් වෙනුවන් ඡන්දය ලබා දුන් සහ අද දිනයේ ඡන්දයට සහභාගී වූ සියලු මන්ත්‍රීවරුන්ට ද නව ජනාධිපතිවරයා ස්තුතිය පළ කළේ ය.  

රට ඉදිරියට ගෙන යාම සඳහා නව වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුව ඇති බව අවධාරණය කළ නව ජනාධිපතිවරයා පැවසුවේ, පරණ දේශපාලනය ජනතා අපේක්ෂාව නොවන බවයි.

”රට තියෙන්නේ අමාරු තත්ත්වයක. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් මයේ වෙනසක් ඉල්ලනවා. ඉදිරියට යන්න අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න ඕන ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනය නෙවයි. පාර්ලිමේන්තුව එකට එකතුවෙලා වැඩ කටයුතු කරන එක ”

මේ අතර පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ,   ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී දිවුරුම් දීම සඳහා තමාට අවස්ථාව සලසා දෙන ලෙසයි. 

අද පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදි රනිල් වික්‍රමසිංහ මහතා  8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments