21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඉන්දු-පකිස්ථාන දේශ සීමාවේ දරුණු ගැටුම්

ඉන්දු-පකිස්ථාන දේශ සීමාවේ දරුණු ගැටුම්

ඉන්දු – පාකිස්ථාන දේශ සිමාවේ අද දරුණු ගැටුම් ඇතිවී තිබෙනවා. මෙම ගැටුම් වලින් ඉන්දීය යුද හමුදා සාමාජිකයි සිව්දෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථාන භට පිරිස් විසින් ජම්මු හා කාශ්මීර උතුරු දේශ සිමාවේ පිහිටි ස්ථාන රැසකට සටන් විරාමය උල්ලංඝණය කරමින් අද දහවල් සිට කාලතුවක්කු ඇතුළු බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරිම ඇරඹු බවයි.

ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉන්දීය හමුදාවන් විසින් එල්ල කරන ලද ප්‍රති ප්‍රහාර වලින් පකිස්ථාන සෙබළුන් 6-7 අතර පිරිසක් ජිවිතක්ෂයට පත්ව තවත් 12 කට ආසන්න පිරිසක් තුවාල ලබන්නට ඇති බව ඉන්දීය යුද හමුදාව පවසනවා.

ප්‍රහාරයෙන් පාකිස්ථාන හමුදා බංකර්, ඉන්ධන ගබඩා සහ බර අවි සහ මෝටාර් ස්ථානගත කොට තිබු ස්ථාන රැසක් ගිනිගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පට ඉන්දීය හමුදාව විසින් මාධ්‍ය වෙත නිකුත් කොට තිබෙනවා.

පාකිස්ථාන හමුදා ප්‍රහාර මධ්‍යයේ තවත් කණ්ඩායමක් දේශ සිමා උල්ලංඝණය කරමින් ඉන්දීයාවට ඇතුල්වීමට දැරූ උත්සහයක් ද සාර්ථකව ව්‍යර්ථ කළ බවයි ඉන්දීය හමුදාව පවසන්නේ.

 ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ පාකිස්ථාන හමුදාවන්ගේ සහය ද සහිතව ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයට ඇතුල්වීමට උත්සහ දරන බවක් පෙනී යන බවයි. 

එමෙන්ම මේ වන විටද ඉන්දු – පකිස්ථාන දේශ සීමාවේ ස්ථාන රැසක ගැටුම් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments