අඟහරුවාදා, මාර්තු 3, 2026
Homeවිදේශීය පුවත්ඉන්දියාවේ පිපිරීමකින් නව දෙනකු මරුට විසිහතර දෙනකු තුවාළ ලබයි.

ඉන්දියාවේ පිපිරීමකින් නව දෙනකු මරුට විසිහතර දෙනකු තුවාළ ලබයි.

ඉන්දියාවේ දිල්ලි නුවර රතු බලකොටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවීම් සේවය බීබීසී හින්දි සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ එහි මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල මෙම පිපිරීම සිදුව ඇති බව ය.

ත්‍රස්ත කල්ලියකට අයත් වෛද්‍යවරයකු මෙයට සම්බන්ධ බව සැකයක්.

දිල්ලි ගිනි නිවීම් සේවය බීබීසීයට තහවුරු කළේ, සවස 6:55ට තමන් වෙත ඇමතුමක් ලැබුණු බව ය.

රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදු වූ බවට දැනුම් දෙමින් එම ඇමතුම ලැබුණු බව ඔවුන් පවසා තිබේ.

පිපිරීමෙන් පසු, ආසන්න වශයෙන් වාහන හයක් ගිනිගෙන ඇති අතර, අසල තිබූ වාහනවලට ද හානි සිදුව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments