29.1 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsසිලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළදපොළේ කස ළ තේ අලවිකිරීමේ ජාවාරමක සුලමුල...

සිලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළදපොළේ කස ළ තේ අලවිකිරීමේ ජාවාරමක සුලමුල හා ‌තවත් හෙරොයින් ජාවාරමක් එස්.ටී.එෆ්. සොයාගනී.

සිලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළදපොළේ අලවිකිරිමට සුදානම් කර තිබු කසළ තේ තොගයක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ,ආර් සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) මෝදර පොලිස් වසමේ අංක 58, එලිහවුස් පාර, මෝදර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර කසළ තේ කිලෝ 19,072.86 ක් සහ කස තේ වර්ණ ගැන්වීම සදහා යොදාගන්නා ලද දියර ලීටර් 336 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඉහත වැටලීම සමිබන්ධව සිදුකල විමර්ශන වලදී ඉතාමත් රහසිගතව මෙම ස්ථානයේදී කසළ තේ කුඩු යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් පිරිසිදු තේ කුඩු ලෙස ව්‍යජ අන්දමින් සකස් කිරීමෙන් පසුව ඒවා සිලෝන් ටී නාමය යටතේ මෙම කසල තේ තොග මැදපෙරදිග රටවල්වලට අපනයනය කිරීමට සූදානම් කර තිබු බවට කරුණු අනාවරණය කරගනු ලැබු අතර සීලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන මෙම කසළ තේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙි තේ අලවිය ජාත්‍යන්තරව විශාල පසුබෑමකට ලක්ව තිබේ.

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ‌ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ ආර් සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මෝදර උයන, 1A ගොඩනැගිල්ලේ 10 වන මහලේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 24 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 48 ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments