21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා පොලිස් සේවයේ සුබසාධනය පුළුල් කෙරේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ සුබසාධනය පුළුල් කෙරේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ සුබසාධනය පුළුල් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරින්ගේ සුබසාධනයට පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩිකිරීම, පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර අරමුදලක් පිහිටුවීම හා සහකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහල තනතුරුවලට ලබාදෙන වාහන.

පොලිස් නිලධාරින්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින14-21 දක්වා වැඩිකර , 2023 ජනවාරි (01) සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදි මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීතිආධාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍යවරයාගේ යෝජනාව අමාත්‍ය මණ්ඬලය අනුමත කර ඇත. පොලිස්පති ප්‍රමුඛ කමිටුවක් මගින් මෙම අරමුදල මෙහෙවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති ආධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබාගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදි දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

සහකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහල තනතුරවලට වාහන සපයාගැනීමේදි මෙතෙක් පැවැති වාහන හිමිකාරිත්වය අදාල පොලිස් නිලධාරීට හෝ නිලධාරිණියට හෝ කාලත්‍රයාට තිබ්මේ කොන්දේසී ඉවත්කෙරේ. තවද වසර 15 පැරැණි වාහන සඳහා වු මෙතෙක් පැවැති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේ නිර්දේශය මත වසර විස්සක් පැරැණි වාහනවලටද අවසර ලබාදී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments