ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව ඉකුත් මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා එනම් 30% කින් ඉහළ ගොස් තිබෙන බව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) ප්‍රකාශ කරයි.
ඒ් අනුව මෙරට ඇඟළුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික වෙමින් කර්මාන්තයේ සිටින සියලූම පාර්ශකරුවන් ලබා දුන් කැපී පෙනෙන දායකත්වයඇගයීමට ලක් කරන බව එම සංසදය කියා සිටියි.
එම සංසදය නිකුත් කර තිබෙන නිවේදනයේ කරුණු තවදුරටත් මෙසේ දැක්වේ. ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) දළ වශයෙන් 6% ක් සහ සියලූම වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් සඳහා දායක වෙමින් ඇඟළුම් කර්මාන්තය ජාතික ආර්ථිකයේ ශක්තිමත් පදනම ලෙස කටයුතු කරනු ලබයි. බලශක්ති සැපයුම සහ භාණ්ඩ ප‍්‍රවාහන කටයුතුවල සිදු වන අඛණ්ඩ බාධා වීම් හේතුවෙන් කර්මාන්තය අඛණ්ඩව සැලකිය යුතු සීමා කිරීම්වලට මුහුණ දෙමින් ඉකුත් මැයි වන විට මෙම ක්ෂේත‍්‍රයේ අපනයන ඉපැයීම් 16% කින් ඉහළ ගොස් ඇ.ඩො.බි. 2.2 බවට පත්වී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා කියා සිටියේ මේ වසර අවසන් වන විට කර්මාන්තයේ ඉලක්කය වන ඇමරිකානු ඩොලර් බිලියන 6 සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තුවෙන් සිටින බවයි. කෙසේවෙතත් පළමුව අපට ජය ගත යුතු සැලකිය යුතු අභියෝග තිබෙන බව අප හොඳින් දැන සිටියි. එබැවින් කර්මාන්තයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම වැදගත්.
විශාල ඇඟළුම් නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදනය පවත්වා ගැනීමට හැකි බවට සහතික වීමට අමතරව දෛනික මෙහෙයුම්වලදී දැඩි අභියෝගවලට මුහුණ දෙන කර්මාන්තයේ ඉතා වැදගත් කොටසක් වන කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට සහය ලබා දීමට ප‍්‍රමුඛත්වය ලබා දීමට තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බව හෙතෙම පෙන්වා දෙයි.
මේ වන විට රට මුහුණ දෙන පෙර නොවූ විරූ අවිනිශ්චිතභාවය, අස්ථාවර ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් සහ ඉහළ යන අමුද්‍රව්‍ය සහ භාණ්ඩ ප‍්‍රවාහන වියදම් හමුවේ වුවද, ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ.
සියලූම ඇඟළුම් සමාගම්වලට විධිමත් බැංකු පද්ධතියක් හරහා ගෙවීම් සිදු කරන අතර ඒ සෑම කටයුත්තක්ම මහ බැංකුවට අධීක්ෂණය කළ හැකියි. ඔවුන්ට මෙම මුදල් පසුගිය වසරවල මෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක් පමණ වූ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා භාවිත කිරීමට අවසර දී ඇත.
මාසික පදනමක් මත, අපගේ කර්මාන්තයෙන් උපයනු ලබන අපනයන ආදායමේ ශේෂය පසුව ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරනු ලබනවා. රුපියල් බවට පරිවර්තනය කළ පසු, ඉන්ධන, ගෑස්, ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීමට ගෙවීම් කිරීම සඳහා බැංකු වෙතින් මෙම ඩොලර් ලබා ගත හැකියි බවද ඒ් මහතා පැවසුවේය.
ඉදිරියේදී මෙම පෙර නොවූ විරූ අර්බුදයෙන් ඇඟළුම් කර්මාන්තය මුදා ගැනීමට අපට අපගේ රටට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර අපගේ නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීම ඇතුළුව ඇඟළුම් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සහ නව ආයෝජන සඳහා තවමත් විශාල හැකියාවක් තිබේ. එවැනි සංවර්ධනයක් රඳා පවතින්නේ අර්ථවත් ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ශ‍්‍රී ලාංකීය ජනතාවගේ සැබෑ ඉල්ලීම් රජය විසින් ඉටු කරන ආකාරය මතයි.
පවතින අර්බුද මධ්‍යයේ වුවද ඉකුත් ජූනි මාසය දක්වා පසුගිය වසරට සාපේක්ෂව 17% ක වර්ධනයක් වාර්තා කරමින් අපනයන කාර්යසාධනයේ ඉහළ ප‍්‍රවණතා පෙන්නුම් කර තිබීම සහ ශ‍්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) අඛණ්ඩව රට තුළට ගලා ඒම ආදිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් පිළිබඳ තවමත් ධනාත්මක ආකල්පයක් පවතී. ඇ.ඩො. මිලියන 94 ක සමස්ත ඇඟළුම් ආයෝජන මාර්ගවලින් මේ වසරේදී ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ව්‍යාප්තිය සඳහා මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 73 ක් වටිනා ආයෝජන සිදු කර තිබේ.
සියලූ බාධා හා අභියෝගවලට හමුවේ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අපගේ සියලූම සේවකයින්ගේ සිදු කරන කැපවීම පිළිබඳව අපි අතිශයින්ම කෘතඥ වෙනවා. උසස් තත්වයේ ඇඟළුම් සඳහා විශ්වාසදායක ගමනාන්තයක් ලෙස අප ගෝලීය වශයෙන් අත් කරගෙන ඇති කීර්තිය එලෙසින්ම පවත්වා ගැනීමට අප අඛණ්ඩව වෙහෙස මහන්සි කටයුතු කරන අතර මේ අවස්ථාවේදී ආර්ථිකයට සහාය වීමට අපගේ උපරිමයෙන් ක‍්‍රියා කරන බව සිහිපත් කළ යුතුයි.