අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ ජාවාරම් කිරීමට අනුබල දුන් පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සිදුකර තිබේ. ඒ් අනුව බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ මෙහෙයුම් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මරදාන පොලිස් වසමේ අංක 46/10/ඒ, ෆෝර්බස් පටුමග, කොළඹ 10 ලිපිනයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සහ මුදල් රුපියල් 57,590 ක්, ජංගම දුරකථන 01 ක් සහ විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 ක කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ ඒ සඳහා අධාර අනුබල දුන් වයස අවුරුදු 37 ක කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වල දළ වටිනාකම රුපියල් 2,500,000.00 ක් පමණ වේ.
බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය රැගෙන යාමට උත්සහ කල රැඳවියකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.කේ. සුනිල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්‍ෂා කරන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ වරදට වරදකරුවකුවී බන්ධනාගාර ගත කිරිමට රැගෙන ආ වයස අවුරුදු 37 ක අංගොඩ ප්‍රදේශයේ පදිංචි රැඳවියෙකු ගුද මාර්ගයේ සඟවාගෙන බන්ධනාගාරය තුලට ජංගම දුරකථනයක්, එම බැටරියක් සහ දුම්කොල ග්‍රෑම් 69.67ක්රැ ගෙන යාමට උත්සහ කිරිමෙිදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජේලර් ගුණරත්න නිලධාරියා වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) පූගොඩ පොලිස් වසමේ අංක 100/1, විශාකා මාවත, පූගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40, මි.ග්‍රෑ. 540 ක් සන්තකයේ තබාගෙන සිටි පූගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මෙම අයිස් මත්ද්‍රව්‍ය වල දළ වටිනාකම රුපියල් ලක්ෂ හතරකට වැඩිවටිනාකමින් යුතුයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (21) අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරීන් පිරිසක් එම පොලිස් වසමේ මාමඩල වැව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිනය කරන ලැබු ටීකටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් මීගහවත්ත පොලිස් වසමේ සියඹලාපේ වත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් හංවැල්ල පොලිස් වසමේ මා ඹුල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් තෙල්දෙණිය පොලිස් වසමේ අළුත්වත්ත ගඟපටිය මහවැලි රක්ෂිත ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් සහ මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගු ගෙන ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරී පිරිසක් මඩුපොලිස් වසමේ තට්වනාමදරමඩු ප්‍රදේශයේදි බලපත්‍ර නැති ඉරන ලැබු බුරුත සහ පලු දැව ලෑලි විවිධ ප්‍රමාණයේ තොගයක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

