ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ අසංක ශ‍්‍රීමාල් යන ගුවන් භටයා ගුවන් හමුදා සේවයෙන් ඉවත්විම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ,වහල්කම් කිරීමට මා තුළ ඇති අකමැත්ත නිසා ගත් මගේ තීරණයක්, යනුවෙන් පුවතක් මුදාහැර ඇත. කෙසේ නමුත් 2022 ජුලි මස 21 වන දින ඔහු මූලිකව ගිවිස ගත් අවුරුදු අටක කාලසීමාව අවසන් වීම හේතුවෙන් ගුුුවන් හමුදා සේවයෙන් ඉවත් වී ඇත.
සාමාන්‍යයෙන් ගුවන් හමුදා පුද්ගලයෙකුට තම අභිමතය පරිදි ගුවන් හමුදාව තුළ වසර 22 කාලයක් සේවය කිරීමට හැකියාව පවතින අතර ගුවන් හමුදාව විසින් සේවා පුද්ගලයෙකුගේ මූලික බදවා ගනූ ලැබූ කාලසීමාව අවසන් විමෙන් පසු සේවා දිගුවක් ලබාදීීම අදාළ පුද්ගලයාගේ කල්ක‍්‍රියාව මත තීරණය කරනු ලැබේ.
කෙසේවෙතත් මෙම ගුවන් භටයා කටුකුරුන්ද කඳවුරේ ගිණුම් සහයකයෙකු වශයෙන් රාජකාරි කරන අතරතුර ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂකය යටතේ පවත්වාගෙන යනු ලබන ගිණුමක චෙක් පතක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ එම කඳවුර වෙත ප‍්‍රසම්පාදන කටයුතු කරනු ලබන ආයතන හතරකින් ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන්ද, එම ක‍්‍රියාවන් ගුවන් හමුදා පනතට අදාළ වන නින්දා සහගත කල්ක‍්‍රියාව යටතේ (Disgraceful conduct) වරදකරුවෙකු වී දඩුවම් ලබා ඇත. එබැවින් මොහුගේ සේවයෙන් ඉවත්ව යෑම ඉහත කරණු මත පදනම්ව සේවා දිගුවක් ලබාදීමට ඇති නොහැකියාව මත සිදුවු අතර හමුදා සේවය පිළිබද කලකිරීමකින් ඉවත් වු බවට පළකළ පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැත.