29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් කමිටුවක් පත් කෙරේ.

ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් කමිටුවක් පත් කෙරේ.

කැබිනට් අමාත්‍යවරයෙකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට පළවූ වාර්තා පිළිබදව විමර්ශනය කොට තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමලත් මහාධිකරණ විනිශ්චයකාර ජනාධිපති නීතීඥ කුසලා සරෝජනී වීරවර්ධන මැතිනියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවට උපදෙස්දී ඇත.

ඊට අදාල පරීක්ෂණ කටයුතු දදැනටමත් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබී ඇත.

අදාල පරීක්ෂණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටි පරීක්ෂණ කමිටු කාර්යාලයේ දී පවත්වනු ලබන අතර අදාල සාක්ෂි ලබා ගැනීම 25 වන සඳුදා දක්වා සිදු කෙරෙන බව ද ආරංචි මාර්ග පවසයි.

මෙම පරීක්ෂණ කමිටුවේ අනිකුත් සාමාජිකයන් වනුයේ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා හා විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා මහතාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments