25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකය වෙත උපහාර පුදකරයි.

ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකය වෙත උපහාර පුදකරයි.

යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් (23) උදෑසන ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් අභිමානවත්ව පැවැත්වුණු අතර, එහිදී මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නාවික හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා උපහාර පුද කරන ලදි.  

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න විසින් මෙම රණවිරු අනුස්මරණ වැඩසටහන (23) උදෑසන ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සංවිධානය කරන ලදි. තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මානුෂීය මෙහෙයුමේදී මියගිය වීරෝධාර නාවික රණවිරුවන් ඇතුළු සියළුම රණවිරුවන් මෙන්ම, ලෝක යුද්ධයන්හීදී මියගිය සියළුම රණවිරුවන් අනුස්මරණය කරමින් මෙහිදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නාවික හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා මෙලෙස උපහාර පුද කරන ලදි.

 තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments