26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයට වජිර අබේවර්ධන මහතා නම්...

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයට වජිර අබේවර්ධන මහතා නම් කෙරේ

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා වජිර අබේවර්ධන මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමග කියවිය යුතු 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රියා කරමින්, ඉහත කී පුරප්පාඩුව පිරවීම සඳහා වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා මන්ත්‍රිධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට සිදුකළ ලිඛිත දැනුම්දීමට අනුව සුදුසුකම් සහිත සාමාජිකයෙකු පුරප්පාඩුව සදහා නාමයෝජනා කරන ලෙස  මැතිවරණ කොමිෂන් සභාව විසින් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාට දැනුම් දෙන ලදී. ඒ අනුව එම පක්ෂ ලේකම්වරයා විසින් වජිර අබේවර්ධන මහතා නාමයෝජනා කළ බව එම ගැසට් නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් දිනකදී වජිර අබේවර්ධන මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments