පාර්ලිමේන්තුවෙන් අලුත් ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණත් තව අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. පොත් සිය ගණනක් කියවලා තේරුම් ගන්න බැරි වුණු දේශපාලන යථාර්ථයන් ඉතා කුඩා නිමේෂයකින් තේරුම් ගන්න පුළුවන්. තමන් ඉදිරිපිට තිබෙන දේශපාලන කඳවුර මොන තරම් ජුගුප්සාජනක, මොන තරම් පිළිකුල්, මොනතරම් අපරාධකාරී කඳවුරක්ද කියලා පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් තේරුම් ගන්න හැකි වෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට විශාල ජනවරමක් ලබාගන්නත්, මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට 2/3කට ආසන්න බලයක් ලබාගන්නත් ප්‍රධානම හේතුව වුණේ රනිල් වික්‍රමසිංහගේ පාලනය. ඔවුන්ගේ මැතිවරණවල ප්‍රධානම සටන් පාඨය වුණේ “මහ දවල් මහබැංකු මහා කොල්ලයේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහ” කියලයි. ඔහුට දඬුවම් දෙන්න ජන වරමක් ඉල්ලුවා. ඒ වගේම සමාජය තුළ විශාල කම්පනයක් ඇතිකළ පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීපාල සිරිසේනට වගේම රනිල් වික්‍රමසිංහට පැවරෙන බවත් සිය ගණනක් වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට ගෙනියන බවත් ප්‍රකාශ කිරීමෙන් එම මැතිවරණවලදී විශාල ජයග්‍රහණ ලබාගත්ත
හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ විකිණූ අවස්ථාවේ ඒ ගේට්ටුව ආසන්නයට ගිහින් කෑගහපු අය කීවේ “රනිල් වික්කමසිංහ” කියලයි. ඒ කියන්නේ විකුණන්නම උපන් කෙනෙක් කියලයි. අපේ රටේ ආර්ථීකය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා 2015-2019 කාලයේ ඩොලර් බිලියන 12ක් අරගෙන විශාල ණය කන්දක හිර කළා කියලා චෝදනා කළා. මේ ආර්ථිකය විනාශකාරීත්වයට එරෙහිව ගෙනගිය හඬ නිසා විශාල බලයක් එම මැතිවරණ දෙකේදී ලබාගත්තා. රනිල් වික්‍රමසිංහත් ඔහුගේ පාලනයත්, ඔහුගේ දෘෂ්ටිවාදයත් පරාජයට පත්කිරීමට අපේ රටේ ජනතාව විශාල ජනවරමක් ලබාදුන්නා. නමුත් ඒ මන්ත්‍රීවරුන්ගෙන් නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටිනවා. මෙවැනි කැත මඩ ගොහොරුවක් බවට පත්වී තිබෙන අප්‍රසන්න දේශපාලනය අපේ රටට අවශ්‍යද? රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔබේ ඡන්දයෙන් තෝරා පත්කර යවන නියෝජිතයා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට ඡන්දය ලබාදෙනවා. මේ කැත මඩ ගොහොරුවක් වී තිබෙන දේශපාලනය පිරිසිදු කිරීමේ වගකීම අපි බාර ගන්නවා. ඩලස් අලහප්පෙරුම ඒ වගේ. විශාල ගං වතුරට ගහගෙන යන නයි, මුගටි ගංවතුරෙන් බේරෙන්න එකම ලී කඳකට එකතු වෙනවා වගේයි. මෙවැනි දේශපාලනයක් අපේ රටට අවශ්‍යද?
හැම තීරණාත්මක අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරුදහන් වෙනවා, රෝගී වෙනවා. දුරකතනවලට කතා කරන්නේ නැතිව යනවා. හෝටල්වල පදිංචි කරවනවා. අන්තිමේ මිලදී ගැනීම්වලට ලක් වෙනවා. අපේ රටේ සාමාන්‍ය ගැමියන්ටත් තමන් පිළිබඳව අවංකභාවයක් තිබෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුව පෑලියගොඩ මාලු මාර්කට් එකේ එහෙට මෙහෙට කුණු මාලු විකිණෙනවා වගේ මිනිස් කඳන් විකිණෙනවා. මේ රටේ ජනතාව විශාල නැගිටීමක් හරහා පෙන්වා දුන්නේ පවතින අප්‍රසන්න දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව විශාල විරෝධයක්. ඒ නිසා මේ දේශපාලන පොර පිටිය පිරිසිදු පොර පිටියක් බවට පත්කිරීමේ වගකීමක් අපට තිබෙනවා. වරප්‍රසාදවලට, සල්ලිවලට එහෙට මෙහෙට පනින මිනිස් කඳන් ලෙස ගොඩනැගුනු මේ පාර්ලිමේන්තු වෙනුවට මිනිස්සුන්ගේ අදහස් සංවාදයට භාජනය කර නිවැරදි තීන්දු-තීරණ ගන්න මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත්කළ යුතුයි. අන්න ඒ දේශපාලන සටනට අපි නායකත්වය ලබා දෙනවා.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා………
ඊයේ (20) සිදුවුණේ 69 ලක්‍ෂයක් ජනතාව මහත් බලාපොරොත්තුවෙන් යුතුව ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ බලයට ගෙනත් අපේක්‍ෂා කළ සියල්ල නැවත විනාශ කර දැමීමයි. අවුරුද්දක් පමණ කාලයක් තුළ ජනතාව ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගතවී තවත් තීව්‍ර කරමින් ගෙනගියා. ඒ සියලු අරගලවල ප්‍රතිපල ආපසු හැරවූ බව පැහැදිලි වුණා. ගොවි ජනතාව, ගුරුවරු, ධීවර ජනතාව අවුරුද්දක් පුරා ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගතවී තීව්‍ර කිරීමෙන් හිටපු අගමැති ඉල්ලා අස්වුණා. කැබිනට් එක කිහිප වතාවක් සංශෝධනය කෙරුණා. අලුත් අගමැතිවරයෙක් පත්වුණා. බැසිල් රාජපක්‍ෂ ඉල්ලා අස්වුණා. මේ සියල්ල අවසානයේ නැවත පොහොට්ටු පක්‍ෂය හිටපු තැනටම ගෙනාවා. අපේ රටේ උද්ධමනය 70%ක් විය හැකි බව මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. දුම්රිය ගාස්තු වැඩි කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මේ හමුවේ අපේ රටේ ජනතාව මානසිකව කඩා වැටී තරුණ පරපුර ඉච්ඡා භංගත්වයට පත්වීමයි. ඒ තරුණ පරපුර නැවත නගා සිටුවී්මට මූලිකත්වය දීී අපි ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් සුදුසු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අපි ක්‍රියා කරනවා.