මොරවලපිටිය ඉන්ධනහල අසල මාර්ගයේ වාහන තදබදයක් ඇතිවීම හේතුවෙන් මාර්ගයේ සිටි පිරිස හා බස්රථයේ සිටි පිරිසක් අතර ඇතිවු ආරවුල සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරින්ට බස් රථයේ ගමන් ගත් සැකකරුවකු ළඟ තිබි පිස්තෝල අවියක් හා ජීව පතරොම් හතක් සහිත ගැබක් (24) අත්අඩංගුවට ගෙන ඇත.
එහිදි සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 33ක් හා 53ක් අතර වයස්වල පසුවන ඇහැලියගොඩ, පිංදෙණිය, දියහොදැල්ල, පිලිවලගාන, හා මල්මඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්වෙති. මෙම හය දෙනා යම් අපරාධයක් සිදුකිරීමට සැලසුම් කිරීමට සැකපිට හා අයුතු ජනරාශිය යන වරදවල් වලට අත්අඩංගුවට ගෙන තිබේ