22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධිව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධිව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

තීරුබදු නොගෙවා රජයේ රුපමය අවවාදයන් සටහන් නොකරනු ලැබු දුමිවැටි තොගයක් මෙර⁣ටට ආනයනය කළ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) මාලිගාවත්ත පොලිස් වසමේ මාලිගාවත්ත සෙරන්ඩිබ් උත්සව ශාලාව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රජයේ රුපමය අවවාදයන්ද සටහන්ද නොමැති දුම්වැටි තොගයක් අලෙවිය සඳහා සූදානම් කර තිබි රුපියල් ලක්ෂ 19 අධික කට වටිනාකමින් යුත් LUXURY වර්ගයේ දුම්වැටි 30,000 ක් සමග මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments