ඒ් මහතා මේ බව සඳහන් කළේ (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා මෙසේද කීය……….
පසුගිය 20දා ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේ දී අපි කළේ ජනතා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වෙනුවෙන් ක්‍රියා කිරීමයි. අවාසනාවට ඒ ක්‍රියාදාමයේ දී ආණ්ඩුව ජනාධිපතිවරයා පත් කරන්න අවශ්‍ය කණ්ඩායම ක්‍රියාත්මක කළේ තමන්ගේ ආරක්ෂාව පැවැත්ම සහ දේශපාලන අනාගතය සහතික කරගන්න ඡන්දය පාවිච්චි කිරීමයි .
අපි පහුගිය කාලයේ අරගල කණ්ඩායම් සමඟ විවිධ සාකච්ඡා කළා. අරගලකරුවන් කියන්නේ මේ රටේ ජනතාව සමග එකතු වෙලා රාජ්‍ය පරිපාලනයේ system change එකක් ගැන කතා කරපු කණ්ඩායමයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපේ කණ්ඩායම අරගලය දින වන ජනතා සම්මුතිය ජයග්‍රහණය කරවීම තමයි අපේ මූලික අභිප්‍රාය වුණේ. ඔවුන් කියලා තිබුණු පරිදි 19 වෙනි සංශෝධනය කඩිනමින් සම්මත කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, රාජපක්ෂලා හා දූෂණයට සම්බන්ධ නැති අයගෙන් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම, වසරක් තුළ මහ මැතිවරණයකට යෑම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන තෙල් ,විදුලිය ,ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් කඩමින් ලබා දීම වැනි කරුණු ගණනාවක් අරගලය දින වන ජනතා සම්මුතියට ඇතුළත් වෙලා තිබුණා.එය තමයි අපි දිනවන්න කතා කළේ .නමුත් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් 134ක් මෙය නොවෙයි කළ යුත්තේ කියලා රනිල් වික්‍රමසිංහ මහතා දිනවන්න පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළා. අපි දන්න හැටියට ඒ ඡන්දය දුන්නු කණ්ඩායම් වල අභිමතය වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නවත්තන්නයි මොකද දැන් ආණ්ඩුවට රටේ ජනමතයක් නැහැ. පාර්ලිමේන්තුවේ මතය සහ බිම තියෙන මතය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ පත්කරපු ජනාධිපති අරගලයකින් පලවා හරින කොට ආණ්ඩුව අරගලයකින් විසුරවා හරින කොට අවුරුද්දක් ඇතුළත අන්තර් කාලීන ආණ්ඩුව තුළින් මැතිවරණයක් පවත්වා ජනතා නියෝජිතයන් පත් කරගන්න කියලා ඒ අයට රටේ වගකීම භාර දිය යුතුයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ කණ්ඩායම් මන්ත්‍රීවරුන්ට පොරොන්දු දීලා තිබුනා ආණ්ඩුව විසුරුවා හැරීම සිදු කරන්නේ නැහැ කියලා.ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගණනාවක් පහුගිය අරගල අවස්ථාවේ විනාශ වුණා ඒ කණ්ඩායම් වලට රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් සහතිකය තමයි වන්දි ගෙවීම, ගෙවල් ගොඩනැගීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සහ අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව ලබා දීම. මේ කාරණා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වුණා ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය අනුව තමයි බහුතරය ඔහුට ලැබුණේ නමුත් රටේ ජනතා මතයට විරුද්ධව පාර්ලිමේන්තුවේ එම ක්‍රියාදාමයන් ජනතාවගේ මතය බව අපි පිළිගන්නේ නැහැ.