අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු STF දැලේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) පමුණුගම පොලිස් වසමේ අංක 721/කේ/13, 26 පටුමග, පුබුදුගම, උස්වැටකෙයියාව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1530 ට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 200 ක්, කේරළ ගංජා ග්‍රෑම් 210 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 21,300.00 ක්, ජංගම දුරකථනයක් හා විද්‍යුත් තරාදියක් සමඟ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පමුණුගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.