29.1 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්කොවිඩ් මරණ 05ක් ... කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළට

කොවිඩ් මරණ 05ක් … කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වීමත් සමග බවයි සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටින්නේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගෙන් තිදෙනකු නිවසේදී මියගොස් ඇත. එලෙස මිය ගොස් ඇති වයස අවුරුදු 83ක් වයසැති කාන්තාවක් සහ අවුරුදු 78 හා 64 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරන්නේ.

ඔවුන් අධික රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම රෝගයෙන් පෙළුණු අයවළුන් වේ. ඔවුන් තිදෙනාම කොළඹ 13 සහ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ අතර හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව රෝහලට මාරුකොට එවනු ලැබූ 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. ඒ අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිර වහනය වීමෙන්.

ඊට අමතරව රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කිරිමේදී ජිවිතක්ෂයට පත්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments