හින්දු භක්තිකයින් විසින් අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබන ආගමික උත්සවයක් වන දීපවාලී
උත්සවය අදට (14) යෙදී තිබේ.
කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙරට හින්දු
භක්තිකයන්ට දීපවාලි උත්සවය සැමරීමට සිදුව තිබේ.
ඒ වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ” ප්‍රථමයෙන්ම සහෝදර දමිළ ජනතාවට සුබ දීපවාලී උත්සවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ හැම ප්‍රදේශයකම ඉන්න මේ ජනතාවගෙන් අපි ඉල්ලලා තියෙන්නේ සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්න කියලා. කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමට සහය වෙමින් දීපවාලි සැමරුම තම නිවසට හා පවුලට පමණක් සීමා කරන්න කියලයි අපි හැම වෙලේම ඉල්ලා සිටින්නේ. ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මේ පිළිබඳව දැනුවත් කරන ලෙස හින්දු බැතිමතුන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල පොලිස්ථාන වෙත මීට දින දෙකකට පෙර සිටම අපි දැනුම්දීලා තිබුණා.” යනුවෙනි.
අද උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග සම්බන්ධවෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.