25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ලක්ෂ දෙසිය විස්සක් අසරණයි. මැති ඇමැතිවරු දේශපාලන සූදුවක.

ලක්ෂ දෙසිය විස්සක් අසරණයි. මැති ඇමැතිවරු දේශපාලන සූදුවක.

ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර

ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන් පීඩාවට පත්ව සිටින බවත් ආණ්ඩුවේ කිසිවෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැති බවත් ඒ මහතා පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් අද (28) කොළඹ විපක්ෂ නායකයක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

ඇස් බැන්දුම් චක්‍රලේඛන හරහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂ නායකතුමා ජනතාව ජීවිතය සහ මරණය අතර අර්බුදයක සිටින බවද පැවසීය.

දේශපාලකයින්ට, කෝටිපතියන්ට, වංචාකාරයින්ට නැති පරාටේ නීතිය රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බව කී විපක්ෂ නායකතුමා මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොල රටේ ක්‍රියාත්මක විය යුතු බවත්, අන්ත ලිබරල්වාදය මේ වනවිට ලෝකයෙන්ම ප්‍රතිකේෂේප වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments