29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 246ක විශිෂ්ට ජයක්.

පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 246ක විශිෂ්ට ජයක්.

 ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ශ්‍රී ලංකා සහ පකිස්ථාන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(28) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් විය. 

ජයග්‍රහණය සඳහා 508 ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට දෙවැනි ඉනිමේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 261 ක් පමණි. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 246 කින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. 

තරගයේ වීරයා ධනංජය ද සිල්වා ය.

මෙම තරගාවලියේදී කඩුලු 17ක් දවා ගත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ය. 

ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පකිස්ථානය කඩුලු 4 කින් දිනා ගත්තේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments