මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක්, කේරළ ගංජා සහ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බි. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත, කාමේල් පටුමග මංසන්දිය අසල දී වැටලීමක් සිදුකර දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මත්ද්‍රව්‍ය හා නීති විරෝධී අවි ආයුධ සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් සින්අයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනෙකු වන වයස අවුරුදු 45 ක් වන මාදම්පිටිය පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අංගමුත්තු රාජා නොහොත් හයිකෝට් රාජා සහ වයස අවුරුදු 32 ක් වන නාගරාජා රෝබින් නික්ලස් යන පුද්ගලයන් රුපියල් ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 440 ක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 300 ක් සහ විදේශීය රටක නිෂ්පාදිත M67 වර්ගයේ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) ජාඇල පොලිස් වසමේ අංක 85, මහවත්ත, කොටුගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17.32 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 ක කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වල දළ වටිනාකම රුපියල් 170,000.00 ක් පමණ වේ.