26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාද සම්භාහන යන්ත්‍රයක් මුවාවෙන් ගෙනා රු. 29,730,000/= වටිනා මත්පෙති තොගයක් රේගු...

පාද සම්භාහන යන්ත්‍රයක් මුවාවෙන් ගෙනා රු. 29,730,000/= වටිනා මත්පෙති තොගයක් රේගු දැලේ.

නෙදර්ලන්තයේ සිට තැපැල් මඟින් ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ආනයනය කළ පාර්සලයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් (27) පරීක්ෂා කර තිබේ.

එම පාර්සලය තුල පාද සම්භාහන යන්ත්‍රයක් (Foot Massager) ඇති බවට රේගුවට ප්‍රකාශ කර තිබූ අතර ඒ පිළිබඳ ඇතිවූ සැකය මත එම යන්ත්‍රය ගලවා පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙතෆෙටමින් නැමැති මත්ද්‍රව්‍ය පෙති 2973 (ග්‍රෑම් 1189) ක් සොයාගැනීමට හැකිවි ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොල වටිනාකම රු. 29,730,000/= ක් බවට ශ්‍රී ලංකා රේගුව විසින් තක්සේරු කරයි.

මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදිමට පියවරගෙන ඇත.

මෙම විමර්ශනයේදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම තැපැල් අංශයේ නිලධාරීන්ද ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය ද ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය ද නොමද සහායක් ලබාදුන් බව රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කර සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments