බලපත්‍ර නැතිව ඩීසල් හා පෙට්‍රල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩා කර සිටි පුද්ගලයන් හය දෙනෙකු ප්‍රදේශ කිහිපයක දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි (30) විශේෂ කාර්ය බලකාය අම්පාර, අනුරාධපුර, සංවිධානාත්මක අපරාධ II කඳවුරු වලින් නීති විරෝධී ලෙස ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩාකර සිටි පුද්ගලයන් හය දෙනෙකු ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අම්පාර කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මිහිඳුපුර ප්‍රදේශයේ දී පෙට්‍රල් ලීටර් 400 ක් සහ වායු රයිෆලයක් සමඟ අම්පාර ප්‍රදේශයේ පදිංචි 28, 32, 36 වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අනුරාධපුර කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් රාජාංගණය ප්‍රදේශයේ දී පෙට්‍රල් ලීටර් 200 ක් සහ ඩීසල් ලීටර් 100 ක් සමඟ රාජාංගණය ප්‍රදේශයේ පදිංචි 46 වයසේ පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රාජාංගණය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ දී ඩීසල් ලීටර් 220 ක් සමඟ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 28, 46 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ සියළු ස්ථාන වලදී අත්අඩංගුවට ගත් මුළු පෙට්‍රල් ප්‍රමාණය ලීටර් 600 ක් සහ ඩීසල් ලීටර් 320 ක් වන අතර එහි මුළු ඉන්ධන වල වටිනාකම රුපියල් ලක්ෂ හතරකට අධික වේ.
දෙලක්ෂ පනස්දහසකට ආසන්න වටිනාකමක් ඇති ඉන්ධන තොගයක් නිවසක් තුල ගබඩා කරගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය පුලියන්කුලම කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ජී.එස්.ඩී.සී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) කොන්දකාරකුලම් ප්‍රදේශයේ නිවසක් තුල දී වැටලීමක් සිදුකර
නීති විරෝධී ලෙස, බලපත්‍ර නොමැතිව, ඩීසල් ලීටර් 550 ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 40 වයසේ පසුවන කොන්දකාරකුලම්, ඕමන්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඕමන්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ඉන්ධන වල දළ වටිනාකම රු. 242,000.00 ක් පමණ වේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිට දෛනික වැටලීම්වලදී සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය 11හි නිලධාරි පිරිසක් නීතිවිරෝධි අයුරින් බලපත්‍රයක් නැතිව ඩීසල් ගබඩා කර ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගැනීම. මෝදර පොලිස් ජී.පි.ආර්. ජූනි(06) ස්වයංක්‍රීය ගිණි අවියකින් මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ ස්ටීවන් විනෝදන් යන පුද්ගලයා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධව විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසය මගින් සිදුකරන ලැබු සාර්ථක විමර්ශනයකට අනුව එම කොට්ඨශයේ නිලධාරී කණ්ඩායමක් සිදුකළ වැටලීමක්දි ඉහත වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්ම ක අපරාධ මර්දන ඒ්කකය 11හි නිලධාරි පිරිසක් නීති විරෝධි මත්ද්‍රව්‍යක්වන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 70ක් සමග අයකු අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළපෑලැස්ස කඳවුරේ නිලධාරි පිරිසක් දුම්කොළ මිලිග්‍රෑම් 1270ක් හා ඊයම් කොල කැබැල්ලක ඔතා නිල් පැහැති පොලිතින් කැබලි වලින් ආවරණය කරනු ලැබු ගිනිකූරු 17ක්ද ගිලිපෙට්ටියේ වෙඩි බෙහෙත් කැබලි දෙකක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි හා මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි විෂ මත්ද්‍රව්‍යවන හෙරොයින් , ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.