21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සදහා නාවික හමුදා සහය

යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සදහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව
සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ
සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා
මෙවරත් නාවික හමුදාව අවශ්‍ය කටයුතු කරමින් සිටී.

ඒ අනුව, නාවික හමුදාධිපති වයස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස්
මත ගිනිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම
ගේ අධික්ෂණය යටතේ මෙම පාද යාත්‍රාවට සහභාගි වන දහස් සංඛ්‍යාත බැතිමතුන්
සඳහා කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා
වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජිවීතාරක්ෂක සේවාවන්  ඇතුළු
අනෙකුත් පහසුකම් සැපයීම සඳහා ගිණිකොණ නාවික විධානයට අයත් නාවික කාර්ය
මණ්ඩලයන් එක්ව සිටි.

තවද, ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් සමාජ සත්කාරක සේවාවක් ලෙස සිදුකරනු
ලබන මෙම සේවාව කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුව, පාද යාත්‍රාවට
සහභාගි වන බැතිමතුන් සඳහා විවෘතව පවතින 2022 අගෝස්තු මස 05 වන දින දක්වා
වූ කාලසීමාව තුළ පිවිසෙන බැතිමතුන් හට අඛණ්ඩව ලබා දීමට නාවික හමුදාව
කටයුතු සුදානම් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments