29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට කලාපීය වැවිලි සමාගම් විශේෂ වැඩසටහනක්...

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට කලාපීය වැවිලි සමාගම් විශේෂ වැඩසටහනක් ආරම්භ කරයි.

ආහාර මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා සිය සේවකයින්ට විශේෂ සහායක් ලබා දෙන අතරම ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් සිදු කෙරෙන ජාතික ප‍්‍රයත්නයන්ට ඔවුන්ගේ සහයෝගය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් (RPCs) ඔවුන්ට අයත් ඉඩම්වල වගා කිරීමේ කටයුතු ඉහළ නැංවීම සඳහා නව වැඩසටහනක් දියත් කර තිබේ.

සමස්තයක් ලෙස, RPCs වලට අයත් වතු 21 සෘජුවම වගා කටයුතුවල නිරත වීම හෝ දෛනික පරිභෝජනය සඳහා භාවිත කරනු ලබන කෙටි කාලීන බෝග වගා කිරීම සඳහා සහාය ලබා දී ඇත. RPC වතුවල සේවය කරන මිලියනයකට අධික සේවකයින්ගේ මෙන්ම RPC වතුවල හා අවට ගම්මානවල ජීවත්වන ජනතාවගේ පරිභෝජනය සඳහා මෙම බෝග නිෂ්පාදනය කරනු ලබයි.
රාජ්‍ය ආයතනවල සහාය ඇතිව RPCs ඔවුන්ගේම වියදමින් ඉඩම් වෙන් කර දී තිබෙන අතර වගා කිරීමට අවශ්‍ය බීජ, පැළ පෝෂක වැනි යෙදවුම් ද සපයා දී තිබේ. RPCs විසින් වැවිලි මානව සංවර්ධන භාරය (PHDT), කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ මෙම ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභීන්ගේ සහාය ඇතිව මේ දක්වා ආදර්ශ ගෙවතු වගාබිම් 578 ක් සහ ගෙවතු 7,000 ක් පමණ පිහිටුවා ඇත.
මෙම හවුල්කාරිත්වය හරහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන අවට ආදර්ශ ගෙවතු වගා 1000ක් පිහිටුවනු ඇති අතර ඊට අමතරව RPC වතුවල තවත් ගෙවතු 20,000ක් සංවර්ධනය කෙරෙනු ඇත.
මෙම වැඩසටහන ලාභ අපේක්ෂාවෙන් සිදු කරන්නක් නොවන අතර වතුකරයේ ප‍්‍රජාවන් සඳහා ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නකි. ඇතැම් RPCs සේවකයින්ට ඔවුන්ගේ අතිරික්ත බෝග නිෂ්පාදන සහනදායී මිලට විකුණා ගනිමින් අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීමට ද මෙය උපකාරී වනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ ‘’දවසකට ආහාර වේල් තුනක්වත් සොයා ගැනීමට නොහැකිව අසරණ තත්වයකට පත්ව සිටින පවුල්වලට ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟයක් සමඟින් ශ‍්‍රී ලංකාව මේ වන විට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මැදිව සිටිනවා. RPCs ලෙස ජනතාව පත්ව ඇති අසරණභාවය අපට හොඳින්ම දැනුනා. මෙම තත්වය සමනය කිරීම සඳහා වගාවල නිරත වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට මේ අවස්ථාවේදී කටයුතු කිරීම සියලූම පුද්ගලයන්, ආයතන සහ ප‍්‍රජාවන්ගේ යුතුකමක් ලෙස අප විශ්වාස කරනවා.’’ යනුවෙනි.
‘‘වතුකරයේ ජනතාවට ඔවුන්ගේ ජීවිත පවත්වා ගැනීමට උපකාර කිරීම මගින් ඉදිරියේදී ඇති වන ආහාර හිඟය මඟහරවා ගැනීම සඳහා මෙම ජාතික ප‍්‍රයත්නයට සහය දැක්වීමට අපගේ උපරිමයෙන් කටයුතු කිරීම RPCs හි අරමුණයි. ආහාර සහ අත්‍යාවශ්‍ය වියළි සලාක බෙදාහැරීම සහ පෝෂ්‍යදායී ආහාර ලබා දීම සඳහා සහයෝගීතා මුළුතැන්ගෙවල් පිහිටුවීම මගින් තියුණු ලෙස ආහාර මිල ඉහළ යාමේ බලපෑමෙන් අපගේ සේවකයින් මුදවා ගැනීමට RPCs වැඩසටහන් මාලාවක් ද හඳුන්වා දී තිබෙනවා.’’ යනුවෙන් රාජදුරෙයි මහතා වැඩිදුරටත් පැවසුවේය.

ආහාර අර්බුදයෙන් ඇති විය හැකි තර්ජනයට කල්තියා ක‍්‍රියාත්මක වී ප‍්‍රතිචාර දක්වමින්, RPCs සමහර ප‍්‍රතිලාභීන් සමඟ එක්ව වගාවන් සිදු කර ඇති අතරම ඇතැම් වගාවන්ට සිය ඍජු දායකත්වය ද ලබා දී තිබේ. මෙම වැඩසටහන යටතේ මඤ්ඤොක්කා, අල, බඩ ඉරිඟු, අර්තාපල්, කෙසෙල්, මිරිස් සහ වම්බටු, මාළු මිරිස් වර්ග, ලීක්ස්, බීට්රූට් සහ කැරට් වැනි වැනි එළවළු ද වගා කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments