ගාලුමුවදොරපිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳි සිටින සියලුම පුද්ගලයන් (05) සවස 5.00 පෙර ඉවත්වෙන්න ශ්‍රි ලංකා පොලිසිය දැනුම් දෙයි.
විරෝධතාකරුවන් රැඳිසිටින ගාලුමුවරොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හා /හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා බෝග වගා කිරීම් වහාම ඉවත් කරගන්න. මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද මෙයින් දැනුම් දෙනු ලැබේ. මෙලෙස කටයුතු කිරීමට (05) පෙර අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුයි.
රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරි නොවන ආකාරයෙන් කටයතු කළ යුතු බවද වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන අය සම්බන්ධයෙන් නීතියානුකූල පියවර ගනු ලබන බව පොලිසිය වැඩිදුරටත් දැනුම්දී සිටියි.