ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයක පරාජයට පත්වී තිබේ.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, අම්පාර නගර සභාව, ජාඇල ප්‍රාදේශීය භාව යන පළාත් පාලන ආයතන වල මෙසේ අයවැය පරාජයට පත්වී ඇත.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකු සිටියද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණේ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පමණි.
ජාඇල ප‍්‍රාදේහීය සභාවේ මන්ත්‍රීවරු 47 දෙනකු සිටින අතර ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් 23 දෙනා අතර 04 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා 18-27 ලෙස අයවැය පරාජයට පත්වී තිබේ.
අම්පාර නගර සභාවේ අයවැය පරාජය වී තිබුණේ 12-06 ලෙසයි. එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 06 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
කෙසේවෙතත්, එලෙස අයවැය පරාජය කිරීමට සහය දුන් සිය පක්ෂයේ සභිකයින්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ සාගර කාරියවසම් පැවසුවේ