29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (14) දිනයෙත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.

ගතවූ දිනයේ මෙරටින් කොවිඩ් -19  වෛරස ආසාදිතයන් 389 දෙනෙකු හඳුනාගැණුනු අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගැණුනු සංඛ්‍යාව 205කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තාවීම තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අසාදිතයන් සංඛ්‍යාව 40 කි.

අනෙකුත් දිස්ත්‍රික්කවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ආකාරය පහතින් දැක්වේ,

කළුතරින් ආසාදිතයින් 14
රත්නපුරයෙන් ආසාදිතයින් 04
කෑගල්ලෙන් ආසාදිතයින් 09
අනුරාධපුරයෙන් ආසාදිතයින් 04
ගාල්ලෙන් ආසාදිතයින් 03
මහනුවරින් ආසාදිතයින් 03
යාපනයෙන් ආසාදිතයින් 02
කුරුණෑගලින් ආසාදිතයින් 02
මාතලේ ආසාදිතයින් 01
අම්පාර ආසාදිතයින් 01
මාතර ආසාදිතයින් 01
ත්‍රීකුණාමලය ආසාදිතයින් 01
මඩකලපුව ආසාදිතයින් 01 

මේ අතර බෝගම්බර, බූස්ස සහ වැලිකඩ යන බන්ධනාගාරවලින් 94 ක්, පොලිස් නිලධාරීන් 04ක් හා විදේශයන්හී සිට පැමිණි තිදෙනෙකු ද ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරට අයත් ය.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ඊයේ 13,000 ඉක්මවා ගිය අතර ඉන් වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන 13,079 කි.

ඒ අතරින් අසාදිතයින් 3106ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලවේ පොකුරට අයත්වන අතර අනෙක් 9973 අයත් වන්නේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් පොකුරට ය.

මෙම කොවිඩ් පොකුරු දෙකෙන් වාර්තාවන රෝගීන්ගෙන් 7899 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් 5140ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

කොවිඩ් ආසාදිත මරණ 40ක් ද එම පොකුරෙන් වාර්තා විය.

මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 16,582 ක් වන අතර ඉන් 11,323 ක් පූර්ණ සුවය ලබා තිබේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,206 කි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments