29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedශ්‍රී ලංකා මහ බැංකුවේ අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ නීතිවලට සිය...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ නීතිවලට සිය සාමාජිකයින් සම්පූර්ණයෙන් එකඟ බව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ නීතිවලට සිය සාමාජිකයින්
විදේශ විනිමය ගනුදෙනු සහ පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සිය සංසදය පිළිගන්නා බව මෙරට ඇඟලූම් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත‍්‍රය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසද (JAAF) පවසා සිටී.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වු එම සංසදයේ ඉහල නිලධාරියෙක් වැඩිදුරටත් මෙසේද කීය…. අපගේ රට මේ වන විට මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අපගේ සාමාජිකයින් දැඩි විමසිල්ලෙන් සිටිනවා. අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීම සහතික කරමින් අපගේ සාමාජික සමාගම් නීතියට අනුකූලව කටයුතු කර ඇති බව අපට විශ්වාසයි. ජනතාව මුහුණ දෙන වත්මන් ආර්ථික දුෂ්කරතාවලට සහනයක් දීමට අප කැපවී සිටිනවා.’’

අපගේ සාමාජික සමාගම් දැනට පවතින රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරනු ඇති අතර මෙම අභියෝගාත්මක තත්වයන් යටතේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙන සියලූම පාර්ශවකරුවන්ට අත්‍යවශ්‍ය සහාය ලබා දීම සඳහා මහ බැංකුව සහ රජය ගනු ලබන සියලූ උත්සහයන්ට අඛණ්ඩ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා.

ඇඟළුම් යනු ශ‍්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ විනිමය උපයනු ලබන අංශය වන අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයනු ලබයි. එම අංශය සේවකයින් 350,000 කට පමණ ස්ථිර රැකියා අවස්ථා සහ තවත් 700,000 කගේ ජීවනෝපාය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබේ.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය යනු ලෝකයේ අංක එකේ ඇඟලූම් සපයනු ලබන ගමනාන්තය බවට ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් පත් කරවීමේ අවසාන ඉලක්කය කරා මෙහෙයවනු ලබන ඉහළම ආයතනයයි. සැපයුම් දාම හවුල්කරුවන්, අපනයන අරමුණු කරගත් ඇඟලූම් නිෂ්පාදකයින්, මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ නාමවල නියෝජිතයින් ආදිය ආවරණය කරනු ලබන සංගම් 5 ක් JAAF නියෝජනය කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments