පොල්දූව වටරවුම හා පාර්ලිමේන්තු පාර ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයේදී කලහකාරි ලෙස හැසිරුණු පිරිස් විසින් පොලිස් නිලධාරීන්ට හා යුධ හමුදා සාමාජිකයින් 26 දෙනකුට පහරදී තුවාල සිදුකිරීම , රජයේ දේපළ වලට අලාභහානි කිරීම හා යුධ හමුදා සාමාජිකයින් දෙදනකුගේ ටි 56 ගිනිඅවි දෙකක් කොල්ලකෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානය හා බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරමින් පවතී.
ඒ් අනුව මෙම සිද්ධියට අදාළව වීඩියෝ සාක්ෂි මත හඳුනා ගන්නා ලද කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතාවයන් තහවුරු කර ගැනීම සඳහා මහජන සහය පතන අතර ෙ මම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, දු.අ. 071-8592209
071-3064165,011-2829388, සෘජු අංක 1997 දැනුම් දෙන පොලිසිය මහජන සහය පතයි
පොල්දූව වටරවුම හා පාර්ලිමේන්තු පාර ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසිරුණු අය ගැන තොරතුරක් ඇතොත් පොලිසියට දන්වන්න.
RELATED ARTICLES