25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසමයංගේ හා ඌරුජුවාගේ සමීපතමයකු පිස්තෝලයක් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සමයංගේ හා ඌරුජුවාගේ සමීපතමයකු පිස්තෝලයක් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සමයංගේ හා ඌරු ජුවාගේ සමීපතම ගෝලයකු පිස්තෝල අවියක් සමඟ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.සම

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සාගර කුලරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්ෂක වයි.එස්. සුරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායම් 05 වන දින නවගමුව පොලිස් වසමේ අංක 717/2, රංග, නවගමුව, රණාල ලිපිනයේ දී වැටලීමක් සිදු කර ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන දැනට මියගොස් සිටින පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස හදුන්වන අරුණ උදයන්ත නොහොත් සමයං නැමැත්තාගේ කල්ලියේ ප්‍ර‍බල සාමාජිකයෙකුව සිට පසුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට මිය ගොස් සිටින මාඹුලගේ දිනෙත් මෙලන් නොහොත් ඌරු ජුවා නැමැත්තා සමඟ සමීපසමිබන්ධතා ඇති මදුරුවල ආරච්චිගේ උෂාන් චතුරංග විමලවීර නැමැති වයස අවුරුදු 32 ක පුද්ගලයා විදේශීය නිෂ්පාදිත පිස්තෝල අවියක්, එම අවියට සවි කල හැකි පතුරම් ගැබ් 01 ක් සහ මි.මී. 06.35 වර්ගයේ ජීව උණ්ඩ 02 ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඌරු ජුවා මිය යාමෙන් පසු ඔහුගේ මුදල් භාවිතා කරමින් මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මෙහෙයවීම හා මුදල් පොලියට දීම මොහු සිදු කර ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් (09) මොහුගේ මිතුරෙකු වන චතූ නොහොත් බක්කා යන අනුවර්ථන නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයාට අකිල නැමැත්තා විසින් පිහියකින් ඇණ බරපතල තුවාල සිදු කිරීම හේතුවෙන් එයට පලිගැනීමක් ලෙස අකිල නැමැත්තාගේ නිවසට පහර දී වාහනය ගිණි තබා අකිල නැමැත්තා ඝාතනය කිරීම සදහා කුමන්ත්‍ර‍ණ සිදුකරමින් සිට ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.

මෙම පුද්ගලයා මීට පෙර මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ අවි 02 ක් හා මත්ද්‍ර‍ව්‍ය සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිට ඇත. අත්අඩංගුවටපත් සැකකරු කඩුවෙල හා නවගමුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම අපරාධ සිදුකර ඇති බවට කරැණු ආනාවරණය කරගෙන ඇත .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments