මෙරට තුළ ඉහලම සංචාරක ආකර්ශනයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇත.
ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය,මහනුවර,නාවලපිටිය,නානුඔය,
හපුතලේ,දියතලාව,බණ්ඩාරවෙල,ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ඇත.
සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟා වනු ඇත. දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නවත්වනු ඇත.