22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedජාත්‍යන්තර සිංහ සමාජයේ ඉන්දියානු සේවා භාරය මගින් මෙරටට රුපියල් කෝටි 2 ½ ක වටිනාකමකින්...

ජාත්‍යන්තර සිංහ සමාජයේ ඉන්දියානු සේවා භාරය මගින් මෙරටට රුපියල් කෝටි 2 ½ ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්.  

මෙරට රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර සිංහ සමාජයේ ඉන්දියානු සේවා භාරය විසින් (Lions of India Service trust) අත්‍යාවශ්‍ය  ඖෂධ තොගයක් පරිත්‍යාග කිරිම (10) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ දී සිදු කෙරිනි.

මෙම ඖෂධ තොගයේ වටිනාකම  රුපියල් කෝටි 2 ½ ක් පමණ වන අතර, Omeprazole & Domperidone Capsules lp, Amoxyollin & Potassium Clavulanate Tablets lp, Bisacodyl Gastro – Resistant Tablets lp, Ceftriaxone Injection lp  ඇතුලු ඖෂධ වර්ග රැසක් මෙම පරිත්‍යාගයට ඇතුලත්ව ඇත.  

සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම ඖෂධ තොගය ලබාගැනීම සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) එස්. ශ්‍රීධරන් මහතා විසින් ඉල්ලිමක් කර තිබූ අතර, ඒ අනුව ජාත්‍යන්තර සිංහ සමාජයේ තෙවන උපසභාපති වශයෙන් කටයුතු කරනු ලබන ඒ.පී සිංග් (Mr. A.P Sing) මහතාගේ සම්බන්ධීකරණය යටතේ මෙම ඖෂධ තොගය ඉතා කෙටි කාලයක් තුල මෙරටට ලබාගැනීමට හැකියාව ලැබුනි.

මෙරට රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ඉදිරියටත් මෙවැනි පරිත්‍යාගයන් සිදු කිරීමට කටයුතු කරන බව මෙම අවස්ථාවට එක්ව සිටි ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයින් ප්‍රකාශ කළ අතර, මෙවැනි පරිත්‍යාගයක් ඉතා කෙටි කාලයක් ඇතුලත සිදු කිරිම සම්බන්ධයෙන් සිය ස්තූතිය ජාත්‍යන්තර සිංහ සමාජය වෙත  පළ කරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා  මෙහිදී පැවැසිය.

දිවයින පුරා පිහිටි රෝහල් සදහා අවශ්‍යතාවය අනුව කඩිනමින් මෙම ඖෂධ බෙදාහැරිමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.  

මෙම පරිත්‍යාගය ලබාදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) එස්. ශ්‍රීධරන්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.කේ හේරත්, ජාත්‍යන්තර සිංහ සමාජයේ මෙරට 2007-2008 සභාපති මහේන්ද්‍ර අමරසූරිය, පෙර බහු මණ්ඩල සභාපති ජෙයරාජන් යන මහත්වරුන් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments