ඔත්තෙකැලේනීති විරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම්ස්නා සිදුකර ඇත. බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) ජාඇල පොලිස් වසමේ ඒකල, ඔතේ කැලේ වගුරුබිම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 135 ක්, ගෝඩා ලීටර් 5,400 ක්, යකඩ බැරල් 30 ක් සහ තඹ දඟර 02 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 22 ක සාංචිආරච්චි මාවත, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
විදේශීය රටක නිෂ්පාදිත TAURUS 38 SPECIAL වර්ගයේ පිස්තෝල අවියක් එම ජීව උණ්ඩ දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 8963 උපුල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අඹතලේ වැව ආසන්නයේ දී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කරුවකුරුවන් භාවිතා කර සඟවා ඇති බවට සැකකරන විදේශීය රටක නිශ්පාදිත TAURUS 38 SPECIAL වර්ගයේ පිස්තෝල අවියක් සහ එම අවිය සඳහා යොදන ජීව උණ්ඩ දෙකක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන මෙය කුමක් සඳහා භාවිතා කර ඇත්ද යන්න වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
