විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ii හි පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) මීටියාගොඩ පොලිස් වසමේ උඩුමුල්ල, කළුපේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1820 ට විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කල පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යු.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) මන්නකන්ඩාල්, කිරණමඩු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස, බලපත්‍ර නොමැතිව, ඩීසල් ලීටර් 1,590 සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 42 වයසේ පසුවන මන්නකන්ඩාල්, කිරණමඩු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ඉන්ධන වල දළ වටිනාකම රු. 683,700.00 ක් පමණ වේ.
