පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කහවත්ත කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ජී.එන්. ලීලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) රක්වාන පොලිස් වසමේ අංක 08, විලබඩ, පින්නකන්ද, ගොඩකවෙල ලිපිනයේ දී වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරමින් සිටි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28, 34 හා 35 වයස් වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රක්වාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි ඇමෝනියා ග්‍රෑම් 90 ක්,උදළු05ක්,අලවංගු 03 ක්.පිකස් එකක්, යකඩ කටුවක්,යකඩ මිටි 01ක්,කුළු ගෙඩි 02ක්, වේවැල් කූඩ02 ක්, තංගුස් කඹ02 ක්, නයිලෝන් කඹයක්, ප්ලෙක්ෂිබල් වයර්එකක්, වයර් එකක්, පූජා භාණ්ඩ.අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා කඩු 02 ක් සන්තකයේ තබාගෙන සැරිසැරූ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව කොටවිල මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේ සිට කොටවිල දෙසට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරය අසල දී වැටලීමක් සිදුකර ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා කඩු 02ක් යම්කිසි අපරාධයක් සඳහා සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථ දෙකකින් කඹුරුගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29, 34 හා 35 වයස් වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විදෙස්රටක නිශ්පාදිත උන්ඩ බැරලයක් හා සමිබන්ද කල මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා කඩු 02 ක් සන්තකයේ තබාගෙන සැරිසැරූ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*
විශේෂ කාර්ය බලකාය කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 12 වන දින කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව කොටවිල මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේ සිට කොටවිල දෙසට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරය අසල දී වැටලීමක් සිදුකර විදෙස්රටක නිෂ්පාදිත උණ්ඩ බැරලයක් හා සමිබන්ධ කළ මෙරට නිෂ්පාදිතවර්ගයේ ගිනි අවියක් හා කඩු 02ක් යම්කිසි අපරාධයක් සඳහා සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථ දෙකකින් කඹුරුගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29, 34 හා 35 වයස් වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගිය ඇයගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට.
බාල වයස්කාර දැරියක් ඉකුත් (03) පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ලුණුගල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව, ලුණුගල පොලිස් ස්ථානය මගින් සිදුකල ඉල්ලීමකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල, බුත්තල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එස්.සී.ජේ. සමරවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (11) ලුණුගල පොලිස් වසමේ උඩකිරුව රක්ෂිතයේ, උඩකිරුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර (03) ලුණුගල පොලිස් වසමේ ලුණුගල ප්‍රදේශයේ පදිංචි වයස අවු 14 ක දැරියක්, ලුණුගල සහ බේරුවල ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 18 ත් 53 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් උඩකිරුව රක්ෂිත, ප්‍රදේශයේ දින අටක් තිස්සේ සගවාගෙන සිටිය දී විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් හා ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් මහත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයන් දෙදෙනා සහ දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව එම දැරිය වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා ලුණුගල රෝහලේ වෛද්‍ය වරුන් වෙත ඉදිරිපත් කර ඇත.
