සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයෙ ප්‍රබල සාමාජිකාවක වන කුඩු රැජින හෙවත් (කුඩු බට්ටි) හා තවත් පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) වැලිකඩ පොලිස් වසමේ නො 1586, කෝට්ටේ පාර, රාජගිරිය ලිපිනයේ පිහිටි දුලංජ ඒජන්සිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර රාජගිරිය හා තංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු සහ අවුරුදු 40 ක (බට්ටි) නම් අනුවර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 51 මිලි ග්‍රෑම් 600 ක් ජංගම දුරකතන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉහත අත්අඩංගුවට ගන්නා ලැබු සැකකරු සහ සැකකාරිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන පුද්ගලයාගේ සම්බන්ධතා මත මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත.