22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedනීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේස් ශ්‍රමිකයින්ට වාහනයක්...

නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේස් ශ්‍රමිකයින්ට වාහනයක් ගෙන්වීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ.

නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කර ඇත.

මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවෙන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ඒ අනුව චක්‍රලේඛයේ සඳහන්වන පරිදි මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබීමට එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් මෙරට බැංකු පද්ධතිය හරහා ප්‍රේෂණය කර ඇති විදේශ මුදල් ප්‍රමාණයෙන් අවම වශයෙන් 50%ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර තිබිය යුතුයි.

ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් තුන්දහස හෝ ඊට වැඩිනම් රෝද දෙකක් සහිත විදුලිබලයෙන් ක්‍රියාත්මකවන යතුරුපැදියක් ගෙන්විය හැකියි. ඒ සඳහා ඉකුත් මැයි(01) සිට ලබන වසරේ අප්‍රේල් (30) හෝ ඊට පළමුව වාහන බලපත්‍රය ඉල්ලුම් කරන දින දක්වා ප්‍රේෂණය කරන ලැබු විදේශ විනිමය වටිනාකමෙන් 50%ට අඩු හේ සමාන,උපරිම CIF අගය අ.ඩො.25000ට යටත්වේ.

රෝද හතරක් සහිත, විදුලි බලයෙන් ක්‍රියාත්මකවන වාහන ඉකුත් මැයි (01) සිට දෙසැම්බර් (31) හෝ ඊට පළමුව වාහන බලපත්‍රය ඉල්ලුම් කරන දින දක්වා ප්‍රේෂණය කරන ලැබු විදේශ විනිමය වටිනාකමෙන් 50%ට අඩු හෝ සමාන උපරිම CIF අගය අ.ඩො. 65000ට යටත්වේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ඕනෑම අයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන අතර එතැන් පටන් වසර දහයක් ගතවනතුරු රජය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පිරිනමනු ලබන කිසිදු ප්‍රතිලාභයක් සඳහා නුසුදුස්සකු වනු ඇත.

චක්‍රලේඛයේ කරුණු වැඩිදුරටත් දැක්වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments