ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස සුරේෂ් ප්‍රියදර්ශන වත්තේවිදානලාගේ මහතා පත් කර තිබේ.
ඒ් මහතා මීට පෙර කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළේය. සුරේෂ් ප්‍රියදර්ශන වත්තේවිදානලාගේ මහතා වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම ඉකුත් ( 31) පක්ෂ සභාපති හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගේ සුරතින් සිදුවිය. මෙම අවස්ථාවට පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල යන මහත්වරුන් එක්ව සිටියහ. 2006 වර්ෂයේදී ලංකාවේ ලාබාලතම පළාත් පාලන මන්ත්‍රීවරයා ලෙස කඩුවෙල ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ඒ මහතා ධූර කාලය අඛණ්ඩව තෙවතාවක් දරා ඇති අතර 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාසයක් දිනාගත් එකම මන්ත්‍රීවරයාද විය. මේ දක්වා පළාත් පාලන මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 16ක අත්දැකීමක් සමග මේ වන විට තෙවන ධූර කාලය හොබවමින් කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන කදවුර නියෝජනය කරමින් සුවිශාල සමාජ මෙහෙවරක නියැලෙමින් සිටියි.