බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8 ක සීමාව හුදකලා කිරීමට තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ඒ, අටලුගම ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ මඟින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා,
“බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, අටලුගම කියන ප්‍රදේශය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ, අටලුගම ප්‍රදේශයේ 4 දෙනෙක්, මිල්ලනිය කර්මාන්ත ශාලාවක වැඩ කරන අහඹු පීසීආර් පරීක්ෂණයක දී පොසිටිව් කියලා දැනගත්තා. එය පාදක කරගෙන බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී එකවර 17 දෙනෙක්ගේ පීසීආර් පරීක්ෂණ පොසිටිව් වුණා. ඒ නිසා අපි සාකච්ඡා කර එම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 8ක් ලොක්ඩවුන් කිරීමට. ඒ වගේම මේ ප්‍රදේශයට කොවිඩ් ආපු විදිය පිළිබඳ සොයා ගැනීමට නොහැකි වුණා. න