පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පළමු අයවැය යෝජනාවලිය සකස් කරලිමට සිදුවූයේ ගෝලීය ආර්ථික පසුබෑමක් හා ගෝලීය කොරෝනා වසංගතය ව්‍යාප්තවීමක් සිදුවෙමින් තිබෙන පසුබිමකය. තවද 2015-2019 අතර යහපාලන රජයේ අකාර්යක්ෂමතාවය සහ අසාර්ථකත්වය තුළින් සිදුවු ආර්ථික පසුබෑමක් මෙන්ම කොවිඩ්19 තුළින් ආර්ථිකය සෘණ වර්ධනයකට පත්කරලීම පසුබිම් කරගෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා සිය පක්ෂයේ අයවැය පිළිබඳ මතය ඉදිරිපත් කරමින් කියා සිටියි. මෙකි සාධකහේතු කොටගෙන අයවැය වාර්තාව සම්පාදනය කිරීම මුදල් අමාත්‍යවරයා මුහුණ දුන් ප්‍රබල අභියෝගයක් බව අපි දනිමු. මෙහිදි පැහැදිලි කළ යුතුව ඇති මූලික සාධකය වන්නේ 1976 සිට ක්‍රියාත්මකවු විවෘත ආර්ථිකය නොහොත් නවලිබරල් ආර්ථික උපාය මාර්ගය ගෝලීය මට්ටමෙන්ම ප්‍රබල හා තීරාණාත්මක අභියෝගයකට පත්ව ඇති බවයි. මෙම සන්ධාර්භය තුල රජය හමුවේ තිබෙන භූමිකාව ආර්ථික පණ ගැන්වීම යථාතත්ත්වයට පත් කරලීම සහ යළි ක්‍රියාකාරිත්වයට පත් කරලීමටය. මුදල් අමාත්‍යවරයා ඒ සඳහා වසර 03ක (2021-23)මධ්‍යකාලීන මෙන්ම කඩිනම් වැඩපිළිවෙලක් අයවැය හරහා ඉදිරිපත් කර තිබුණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මුදල් අමත්‍යවරයාගේ අවධානය යොමුකරමින් කෙටිකාලීන යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත් එහි අඩංගු ඇතැම් යෝජනා සැළකිල්ලට ගෙන තිබු බව සතුටින් සඳහන් කර සිටිමු. මෙවර අයවැයේදී කාලාන්තරයක් තිස්සේ අතපසුවි තිබු මානව සම්පත් සංවර්ධනය ඉහළම ජාතික ප්‍රමුඛත්වයක් ලබාදීම ගැන සතුටුවෙමු. ශ්‍රී ලංකාවේ ආර්ථික මොඩලය මානව සම්පත් සංවර්ධනය පදනම් වියයුතුබව අපේ ප්‍රධාන ඉල්ලීම විය. ශ්‍රී ලංකාවේ ශ්‍රමික ජනතාවගෙන් අති බහුතරය අයත් වන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රය ඇතුළු අවිධිමත් ආර්ථිකයකටය. ඊට ප්‍රමුඛත්වය ලබාදීම ධනාත්මක තිරණයකී. තවද ගැමි ආර්ථිකයට වැඩි අවධානයක් යොමුවි තිබිමද යහපත් ඉදිරි පියවරකී. නව ලිබරල්වාදය යටතේ අපේක්ෂා කළ අපනයන ආර්ථිකයක් වෙනුවට දශක හතරකට පසු බිහිවූයේ අපනයනය මෙන් දෙගුණයකින් යුත් ආනයන ආර්ථිකයකී. මෙහි ප්‍රතිඵලය වූයේ විදේශ විනිමය අර්බුදයක්. ගෙවීම් ශේෂයේ අවාසික සහ දේශීය නිෂ්පාදනයේ බිදවැටීමක් සිදුවීමයි. මෙම උපාය මාර්ගය වෙනස් කරලීම අපි අගය කරමු. එම උපාය මාර්ගය තුළින් ආර්ථික නිර්මාණයවූ අධි පරිභෝජනය තුළින් ආර්ථික සමාජ හා සංස්කෘතික ප්‍රශ්න රැසක් ඇති කළ මෙහිලා සඳහන් කර සිටිමු. රාජ්‍ය ආදායම 1978දී දළ දේශීය නිෂ්පාදනයෙන් 24%ක් තරම් ඉහළ මට්ටමක තිබුණද නව ලිබරල්වාදය යටතේ මෙනවවිට එය 9% තරම් ගෝචනීය තත්ත්වකට පත්ව තිබේ. අයවැය තුලින් මෙම ප්‍රතිශතය 14% දක්වා වැඩිකරලීමට ප්‍රකාශිත අපේක්ෂාව අධිතක්සේරුවක් බව අපේ හැඟිමයි. බදුප්‍රතිපත්තියේ වෙනසක් නොකර එය අත්පත්කරගත හැකි ඉලක්කයක් නොවේ. ප්‍රාග්ධන සම්පාදනය සහ ඉතිරිකිරීම් වැඩිකිරීමට පළමුවරට පියවරයන් රැසක් ගෙන තිබිම සාධනීයයි. ණය උගුලේ හිරවීම අප දකින ආකාරයට 1978 දියත් කළ මූල්‍ය සහ රාජ්‍ය මුල්‍ය ඇතුළු නවලිබරල්වාදි උපාය මාර්ගයේම තර්කානුකූල ප්‍රතිඵලයකී. විදේශ ණය 1980දී ඩොලර් මිලියන 1845ක් වුවද එය 2020දී ඩොලර් මිලියන57.000ක් දක්වා වැඩිවි තිබේ. මෙය රට හමුවේ ඇති ප්‍රබල අභියෝගයකී. මෙම තත්ත්වය තුළ දේශපාලන කොන්දේසී මත ණය ලබා ගැනීමට රජය අදහස් නොකරන බව පෙනි යයි. මෙම ණය කන්දරාව ක්‍රමානුකූලව අඩුකරලීම අනිවාර්ය අවශ්‍යතාවයකී. ඒ පිළිබඳ පැහැදිලි යෝජනාවලියක් අයවැය තුල අපි නොදනිමු. ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසීවලට යටවීම ඉඩ නොතබන ලෙස අපිඉල්ලා සිටින අතර ජාත්‍යාන්තර මූල්‍ය වෙළඳපොලෙන් ණය ලබා ගැනීම වෙනුවට විකල්ප සහනදායි පහසුකම් ලබාගැනීමට රජය කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. රාජ්‍ය සේවා නවිකරණයට ලක්කිරීම මෙන්ම රාජ්‍යව්‍යවසායන් ලාභ ලබන ආයතන බවට පත් කිරීමට යෝජනා කරමු. වැඩකරන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සහශීලි යෝජනා අපි අගයමු. දේශීය නිෂ්පාදනය වැඩිකරලීමට බදු සහන, යටිතල පහසුකම් බලය විමධ්‍යගත කිරීම ආදි යෝජනා රැසක් ඉදිරිපත් කොට ඇත. මූල්‍ය ප්‍රාග්ධන වෙළදපොළ ප්‍රතිසංස්කරණයට ලක්කිරීමද සාධනීය පියවරකී. 2022වසරේ අයවැයේදී වක්‍රබදු අඩුකොට සෘජුබදු වැඩිකරලීමට පියවරගත යුතු බව අපේ ඉල්ලීමයි. අයවැය යෝජනා ක්‍රියාත්මක කරලීම මත අවසන් ප්‍රතිඵල රඳා පවතින බව අපි කියා සිටින්නෙමු.
අය වැය ගැන කොමියුනිස්ට් පක්ෂයේ මතය පහදයි
RELATED ARTICLES