මඩු රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු කර අක්කර පනස් නවයක භූමි ප්‍රමාණයක් එලි පෙහෙලි කරමින් තිබු සැකවේටර් යන්ත්‍ර තුනක් හා කැටපිලර් යන්ත්‍රයක් සැකකරුවෙකු නැතිව (31) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී මන්නාරම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි පිරිසක් වැටලිම් නවයක් සිදුකර බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයන් නවදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.අගුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරි පිරිසක් (29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කර රැගෙන එන ලද රැඳවියන් තිදෙනකු සැකසහිත බැවින් රඳවා තබා (31) මලපහ කිරීම සලස්වා මලපයවල තිබි පොලිතින් උරවල ඔතන ලැබු සුරුට්ටු කැබිලි හයක් හා සුරුට්ටු කැබිලි දෙකක් සොයාගෙන ඇත
