අපරාධ රැසකට සම්බන්ධ දරුණු ඝනයේ පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත පිස්තෝල අවියක් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙ හි නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක එස්.පී.කේ. බොතේජු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) හබරාදුව පොලිස් වසමේ පලුටුගහ, වාසනා හෝටලය ඉදිරිපිට දී මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ අරමුණින් මෙරට නිෂ්පාදිත පිස්තෝල අවියක් හා ඒ සදහා යොදාගැනීමට T56 ජීව උණ්ඩ 02 ක් සහ හෙරොයින් ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 42 ක, මැදවත්ත, තල්පෙ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉමහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ශනය කිරිමේ දී සැකකරුට විරුද්ධව හබරාදුව ප්‍රදේශයේ ලොරි රථයක් පැහැර ගැනීම, හබරාදුව ප්‍රදේශයේ මහජනතාවට හිරිහැර වන පරිදි කල කෝලහාල සිදුකිරීම, අම්පාර ප්‍රදේශයේ දී මහජන දේපල වලට හානි කරමින් කල කෝලහාල සිදුකිරීම, සහ මාතර ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අතර මීට අමතරව මෙම පුද්ගලයා බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් සඟවා තබා ගැනීමට අදාලව පැවති අධිකරණ නඩු 02 ක් අවසන්ව ඇත.
රුපියල් ලක්ෂ හයකට වැඩි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජී.එච්.යු. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ අංක 07/174, වික්ටෝරියා නිවාසය, වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ හයකට වැඩි වටිනාකමකින් යුත් අයිස් ග්‍රෑම් 50 ක් සමඟ මාදම්පිටිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 39 වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීති විරෝධී විදේශීය දුමිවැටි සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක පී.ජී.එස්.පී. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.02 වන දින කටුනායක පොලිස් වසමේ අංක 20/03/01, නයිකන්ද ලිපිනයේ පිහිටි දිනුෂාන් හෝටලයේ දී වැටලීමක් සිදුකර තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද Argos වර්ගයේ විදෙස් දුම්වැටි 600 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 43 ක යටියන, මිණුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු විසාල මත්ස්‍ය ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්අ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (01) පන්නල පොලිස් වසමේ ඔල්සන් පාර, පන්නල ලිපිනයේ පිහිටි රේන්බෝ සීෆුඩ් පුද්ගලික සමාගම යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මිනිස් පරිභෝජනයට නුසුදුසු විවිධ වර්ගයේ මාලු කිලෝ 255, ග්‍රෑමි 141 ක් අලවිකිරිමට ගබඩාකර සිටි වයස අවුරුදු 30 පසුවන පන්නල අනුක්කනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.එම්.එන්.එස්.කේ. රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වෙත භාර දී ඇත. රස පරික්ෂක වාර්ථාවන් ලැබෙනතුරු එම ස්ථානය තාවකාලිකව මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.
