ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූරයේ පළමු සංවත්සරය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කල විශේෂ ආශිර්වාද පූජාවක්, බලංගොඩ, නලුවෙල ශ්‍රී පියදස්සී පිරිවෙන් මහා විහාරයේ දී (17) පැවැත්විණි. විහාරාධිපති වලහ, පුඤ්ඤානන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය මුල්ලේගම විමලානන්ද ස්වාමීන් වහන්සේගේ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම ආශිර්වාද පූජාවට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රීලාල් සෙනෙරත් යන මහත්වරු එක්වූහ. මෙම අවස්ථාවට ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් ඇතුළු සැදැහැවතුන් පිරිසක් ද එක්වී සිටියේය.
ජනපතිට හා අගමැතිට සෙත් පතා බෝධි පූජාවක්
RELATED ARTICLES